අප කණ්ඩායමේ පලමු සංචාරක
අත්දැකීම මෙය වන අතර උසස්පෙළ විභාගයෙන් අනතුරුව අප නාවලපිටිය සහ කිතුල්ගල ප්‍රදේශ
සංචාරය සදහා තෝරා ගත්තෙමු. සය දෙනෙකුගෙන් යුත් අපගේ කණ්ඩායම නාවලපිටිය බලා පිටත්
වුනේ උදැසන 5.55 ට බදුල්ල බලා පිටත් වන
පොඩි මැණිකේ සිග්‍රගාමි දුම්රියෙනි.පළමු දිනය තුලදී නාවලපිටියේ සංචාරය කල අප
මිතුරෙකුගේ නිවසේ නවාතැන්ගත් අතර අසල වන ලැහැබක වූ දොළ පාරකින් ස්නානය කල අප රාත්‍රී
කාලයේ අප විසින්ම පිළියෙළ කරගත් අහාරද ලබාගෙන නින්දට ගියේ පසුදින උදැසන කිතුල්ගල
බලා පිටත් වීමටයි.
කිතුල්ගල ගතකල පළමු දිනයේදී අප උදෑසනම පිටත්ව ගියේ එම ප්‍රදේශයේ පිහිටි
රබර් කර්මාන්තශාලාවක් නැරබීමටයි.ඉන් අනතුරුව තේවතු රබර්වතු මැදින් අප ගමන් කලේ
කිතුල්ගල හදුන් ඇල්ල වෙතටයි. උසින් මීටර් 30 ක් (අඩි 100) පමණ වන හදුන් ඇල්ල තනි
පර්වත බෑවුමකින් සැදුනු ඉතා අලංකාර දිය ඇල්ලකි.දිය ඇල්ල පාමුලටම යාම අනතුරුදායක
නිසා දිය ඇල්ලේ තටාකයට බැස රිසි සේ දියනාගත් අප එහි පාමුලට නොයාමට වගබලා ගත්තෙමු.
මේ සංචාරය පුරාම සියලුම සංචාරක ස්ථානවලදී කුඩැල්ලන්ගෙන් අපට සිදු වූ බාධා නම්
බොහෝය.
 |
| On the way to "Handun Ella" |
 |
| "Handun Ella" |
 |
| Had a bath |
ඉන් අනතුරුව
සවස් කාලයේ කිතුල්ගල බෙලිලෙන නැරබීමටත් අප අමතක කලේ නැත.ගුහා සංකීර්යණකින් යුත්
බෙලිලෙනෙහි වසර 12000 කටත් වඩා
පැරණි බලන්ගොඩ මානවයා විසූ බවට සනාථ කරගෙන ඇත.ගුහා සංකීර්යෙණහි අභ්‍යන්තරයෙහි දැඩි
අදුරු ස්වභාවයක් ගන්නා අතර වවුල් දුර්ගන්ධයද පිරී පවතී.කෙසේ වෙතත් ගල්ලෙන්
සංකීර්ණය පිහිටි පර්වතයේ ඉහලින් ගල්ලෙන පාමුලට වෑස්සෙන දියසීරාව ගල්ලෙනට එක්
කරන්නේ අමුතුම චමත්කාරයකි.ගල්ලෙන් සංකීර්නය තුල පන්සලකට සමාන නටබුන් දක්නට ඇති අතර
සෑම තැනම කැනීම් කල වලවල් වලින් පිරී පවතී.
|
Distance view
"Beli Lena" cave complex
|
 |
| "Beli Lena" |
|
|
Water drops from top of "Beli Lena"
කිතුල්ගල ගතකල තුන්වන දිනයේදී ඉතාමත් ත්‍රාසජනක ක්‍රීඩාවක් වන වයිට් වෝටර් රාෆ්ටින්ග් ක්‍රීඩාවේ නිරතවීම සඳහා කිතුල්ගල කැලණි ගං මිටියාවත සොයා ගියෙමු. මෙහිදී කිලෝමීටර් 5 ක් දැඩි සැඩ පාරට මුහුණ දෙමින් ප්‍රධාන බාධක 5 ක් හා අනු බාධක 4 ක් පසු කරමින් පැය 1.5 ක පමණ ගමනක් ගඟ දිගේ පහලට බෝට්ටුව පැදීම සිදු කල යුතුය.මේ සඳහා අවශ්‍ය දැනුම ඔවුන් විසින් සපයන අතර ඔවුන්ගේ විධාන වලට අප බෝට්ටුව පැදීම කල යුතුය. දැඩි සැඩ පහර දැකීමෙදි සිත්වලට දැඩි බියක් දැනුනු අතර ත්‍රාසජනක අත්දැකීමකට ඇති ආශාව නිසාම සහ ආරක්ෂක උපාංග භාවිත කරන නිසාම බිය මදකට යටපත් විය.විටක ඉහලට එසවෙමින් හා නැවත ජලයේ ගිලෙමින් උඩට මතුවන බෝට්ටුව විශාල ගල් අතරින් සැඩ පහර අතරින් පහලට ඇදී යයි.සමහර ස්ථාන වල නොගැඹුරු ජලයත් සමහර ස්ථානවල ගල් අතරින් පෙන විසිරෙමින් සැඩව ගලන ජලයත් සමහර ගැඹුරු ස්ථානවලින් නිසොල්මනේ නිශ්චලව ගලන ජල කදත් ගමනට චමත්කාරය එක් කරයි.විටක නොගැඹුරු ජලයේ බැස චයාරූප ගනිමින් ගමන්ගත් අප විධාන සපයන්නාගේ උපදෙස් පරිදි අඩි 40 ක් පමණ ගැඹුරු ජලය සහිත ස්ථානයකින් ගඟට බැස්සවූ අතර එහි පිහිනමින් ජලයේ විවිධ ආකරයේ රටා මවමින් චායරූප වලට පෙනී සිටියෙමු.කිසිදා අමතක නොවන අත්දැකීම් සමුදායක් සමගින් එම ගමන නිමවූ අතර අපගේ කිතුල්ගල සංචාරයද එතෙකින් නිමවූයේ තවත් මෙවැනි සංචාරයන් කිරීම සදහා සිත් තුල බලාපොරොත්තු දල්වමිනි. මෙහි මතක සටහන් චායරූප කිහිපයක් මෙසේ සටහන් කරමි.
|
 |
| Team at starting point |
 |
| River Rapid "Butter Crunch" |
 |
| Full of Bubbles "Butter Crunch" |
 |
| Floating Ring |
 |
| Too deep, who cares? |
Experience White Water Rafting in the Kelani
River, covering 5 major rapids and 4 minor rapids. The distance covered is
around 5 KMs. The rapids are Virgin's breast, Butter Crunch, Killer's Fall,
White quarter, Head Chopper and Rib Cage. The river and its surrounding made us
feel enchanted, with a memorable Experience during our White Water Rafting Tour
in Kithulgala.
HANDUN ELLA :-
Handun Ella is which is 30 Meters (100ft) height waterfall and it situated
near Kithulgala joins to the Kelani river. In Sinhala “Handun” means Sandal
wood. It is not known if there was a Sandal wood forest or even the smell of
Sandal wood in the water for it to get such a name. However, it is still called
Handun Ella.
BELI LENA CAVES :-
Belilena is a very large cave, in which the 12,000 year old skeletal remains of
the prehistoric ‘Balangoda man’ (Homesepiens Balangodensis) have been found. In
order to reach the cave we have to walk through the jungle, close to the Inoya
estate. It is located 2000 feet above sea level and the Belilena Cave lies
amidst picturesque environs close to Kithulgala. Recent archaeological
excavations conducted at the cave have unearthed several fossils believed to be
more than 32,000 years old.